සේවා වනිතාවෝ ජාත්‍යන්තර වෙසක් උත්සවය සමරති
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත ඊයේ (10) දිනට යෙදී තිබූ වෙසක් පුන් පෝය දිනය නිමිත්තෙන් සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද සව් පැන් දන්සල එදින පස්වරුවේ ගරු සභාපතිතුමිය අතින් විවෘත කරන ලදි.
වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හා අනෙකුත් පුද්ගලයින් වෙනුවෙන් මෙම උතුම් පුණ්‍ය කටයුත්ත නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කොට තිබුණි.
ශ්‍රී ලංනානෞ පරාක්‍රම ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැල අසල පැවති මෙම උතුම් පුන්‍ය කටයුත්ත සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති සත්‍යජිත් විජේගුණරත්න, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරින්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරින් ද සහභාගී වී සිටියහ.
මෙම සව් පැන් දන්සල මගින් පිරිනමන ලද සව් පානය කිරීම සඳහා නාවික හා සිවිල් වැසියන් විශාල පිරිසක් එක් වූ අතර, මෙවන් දන්සලක් සංවිධානය කිරීම පිළිබඳව ඔවුන්ගේ ප්‍රශංසාව නාවික හමුදාව වෙත පල කර සිටින ලදි.
තවද, එදිනම සේවා වනිතා ඒකකය මගින් සිදුහත් බෝසතානන් වහන්සේගේ උපත විදහා දැක්වෙන වෙසක් පහන් කූඩුවක් නිර්මාණය කොට තිබූ අතර, නිලධාරින්ගේ ළමුන්ගේ සංගමය මගින් වෙසක් පහන් කූඩු රැසක් ද නිර්මාණය කර ප්‍රදර්ශණය කිරීම සඳහා ඉදිරිපත් කොට තිබුණි. එම වෙසක් පහන් කූඩු ද ගරු සභාපතිතුමිය විසින් විවෘත කරන ලදි.











