සේවා වනිතාවෝ වෙසක් සිරි නැරඹීම සඳහා විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කරයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ මැයි මස 10 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිති කර ගනිමින් නාවික පුද්ගලයින් හට වෙසක් සිරි නැරඹීම සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, බටහිර, නැගෙනහිර, දකුණ, උතුරුමැද, යන නාවික විධානයන්ට අනුයුක්ත නාවික පුද්ගලයන් හටත්, තලාතුඔය ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයින් හට හා නාවික නිවාසයන්හි සිටින නාවික පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හට, ක්‍රියාන්විතයේදී තුවාල ලැබූ රණවිරුවන් හා ඔවුනගේ ලගම ඥාතීන් සහ නාවික පුද්ගලයින්ගේ ලඟම ඥාතීන් හට ද මෙම බස් රථ සේවාව මගින් මෙවර පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයන් දැක බලා ගැනීමට අවස්ථාව උදා කර දී තිබුණි.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් නාගදීප පුරාණ විහාරස්ථානය වෙත සහ පොලොන්නරුව ඓතිහාසක පුදබිම වෙත ද, දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් අළුත්ගම කන්දේ විහාරය හා මාතර වෙහෙරහේන විහාරස්ථානය වෙත ද, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් දඹුලු විහාරය හා ඒ අවට පුදබිම් වෙත ද, බටහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් කොළඹ වෙසක් කළාපයන් හා ඒ ආශ්‍රිත විහාරස්ථානයන් ද වැද පුදා ගැනීමට අවස්ථාව සළසා තිබුණි. ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ නාවික පුද්ගලයින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වන්දනාමාන කිරීම හා වෙසක් කළාපයන් නැරඹීම සඳහා මෙම විශේෂ ප්‍රවාහන සේවය මගින් කට‍යුතු කර ඇත.

එමෙන්ම මෙම පුණ්‍ය කටයුතු සඳහා සහභාගී වීමට යන අතරතුරදී ඔවුන්ගේ ගිමන් පහස නිවා දැමීම සඳහා ඉතා පිරිසිදු මෙන්ම ප්‍රනීත ආහාර පාන ලබා දීමට ද සේවා වනිතා ඒකකය කටයුතු සම්පාදනය කර තිබිණි.

ගමන අවසාන‍යේ, මෙවැනි මහඟු පුණ්‍ය කටයුත්තක් සිදු කිරීම පිළිබඳව, ඒ සඳහා සහභාගී වූ සෑම සියළු දෙනාම සේවා වනිතා ඒකකයේ ගරු සහභාපතිතුමිය ඇතුළු සමස්ථ නාවික හමුදා සේවා වනිතා ඒකකයට සිය හෘදයාංගම ස්තුතිය ද එහිදී පුද කෙරිණි.

නැගෙනහිර නාවික විධානය

බටහිර නාවික විධානය

දකුණු නාවික විධානය

උතුරු මැද නාවික විධානය

ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනය