විපතට පත් වූවන්ට සේවා වනි‍තාවෝ පිහිට වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මගපෙන්වීම මත නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින්, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යෑම් වලින් විපතට පත් ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, අවතැන්වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, ඖෂධ වර්ග, කිරි පිටි, පානීය ජල බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් අද (31) දින පානදුර ප්‍රදේශයේ දී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් ප්‍රදානය කෙරිණි. මෙම පරිත්‍යාගයන් සඳහා නාවික විවාහක නිවාසයන්හි පදිංචිව සිටින නාවික පුද්ගලයන් ද සිය දායකත්වය ලබා දී ඇත. එමෙන්ම සේවා වනිතා මැහුම් මධ්‍යස්ථානයන් මගින් මසා නිම කරන ලද ඇදුම් විශාල ප්‍රමාණයක් ද මෙම සහනාධාර සඳහා ඇතුළත් කර තිබිණි.