සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත ඡායාරූප ප්‍රදර්ශණයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ නව සංකල්පයක‍ට සහ මගපෙන්වීම මත අද (24) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් ‍සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ඡායාරූප ප්‍රදර්ශණයක් පැවැත්විණි.

24 Jun 2017

පරිගණක පුහුණු පාඨමාලාව හදාරණ ලද දරු දැරියන් හට සහතිකපත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත, වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක පුහුණුව හදාරණ ලද, දරු දැරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (19) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

20 Jun 2017

රූපලාවන්‍ය පාඨමාලාව නිමකළ දෙවන කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.

13 Jun 2017

‍සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ මිහින්තලය වන්දනාව
 

2017 ජුනි මස 08 (ඊයේ) දිනට යෙදී තිබූ පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් සේවා වනිතා ඒකකය විසින් මිහින්තලය වන්දනා කිරීමේ චාරිකාවක් සංවිධානය කොට තිබුණි.

09 Jun 2017

රූපලාවන්‍ය පාඨමාලාව නිමකළ දෙවන කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.

07 Jun 2017

සේවා වනිතාවෝ මරණයට නියමිත වූ කිරි ගවයෙකු නිදහස් කරයි.
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත සේවා වනිතා ඒකකය විසින් මරණයට නියමිත වූ කිරි ගවයෙකු මරණයෙන් ගලවා ගත් අතර, එම ගවයා ඊයේ (ජූනි 2), ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි ගව සංචිතය වෙත මුදා හරින ලදි.

03 Jun 2017

චීන නාවික නිලධාරීන් සේවා වනිතා පෙර පාසල් හි චාරිකාවක නිරත වෙයි
 

සුහද සහ සහණ සැළසීමේ සංචාරයක් සඳහා ඊයේ ‍(31) මෙරටට පැමිණි චීන නාවික නෞකා ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (1) වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසල් හි චාරිකාවාරයක නිරත විය.

01 Jun 2017