චීන නාවික නිලධාරීන් සේවා වනිතා පෙර පාසල් හි චාරිකාවක නිරත වෙයි
සුහද සහ සහණ සැළසීමේ සංචාරයක් සඳහා ඊයේ (31) මෙරටට පැමිණි චීන නාවික නෞකා ‘චෑන් චුන්’, ‘ජින් ශොව්’ සහ ‘චාඕ හු’ යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (1) වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා පෙර පාසල් හි චාරිකාවාරයක නිරත විය.
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම මත එම නාවික පුද්ගලයන් පිළිගැනීම සඳහා අලංකාරවත් උත්සවයක් ද පෙර පාසල් පරිශ්‍රයේ සංවිධානය කොට තිබුණි. එම අවස්ථාව සඳහා මහජන චීන සමූහාන්ඩුවේ නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
එහිදී, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් චීන නාවික පුද්ගලයින් පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් රියර් අද්මිරාල් ෂෙන් හාඕ මහතා අතින් දේශීය වෘක්ෂයක් ද රෝපණය කරන ලදී. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් පසු උත්සව අවස්ථාව ආරම්භ කෙරිණි.
එම උත්සව අවස්ථාවේදී පෙර පාසල් දරු දැරියන් විසින් විශේෂාංග කීපයක් ඉදිරිපත් කළ අතර, චීන නාවික හමුදා පුද්ගලයින් විසින් ද විශේෂාංග කීපයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව චීන නාවික හමුදා නිලධාරීන් අතින් පෙර පාසලේ දරු දැරියන් සඳහා ත්‍යාග බෙදා දීම සිදු විය. තවද, එම අවස්ථාවට එක් වූ චීන නාවික පුද්ගලයන් උදෙසා විශේෂ ත්‍යාග සහ සමරු තිළිණ පුදානය කිරීමට ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් කටයුතු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසල් දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




















