සේවා වනිතාවෝ මරණයට නියමිත වූ කිරි ගවයෙකු නිදහස් කරයි.
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත සේවා වනිතා ඒකකය විසින් මරණයට නියමිත වූ කිරි ගවයෙකු මරණයෙන් ගලවා ගත් අතර, එම ගවයා ඊයේ (ජූනි 2), ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි ගව සංචිතය වෙත මුදා හරින ලදි.
2016 වසරේ ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංනානෞ ගැමුණු ආයතනයේ විවෘත කරන ලද ගව සංචිතයේ මේ වන විට ගවයින් 84 දෙනෙකු පමණ සිටී. එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර, ඖෂධ මෙන්ම එම සත්වයන් රැක බලා ගැනීම පිළිබඳ උපදෙස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් එහිදී ලබා දීමට කටයුතු කර තිබිණි. මෙම පුන්‍ය කටයුත්ත සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.