‍සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කළ මිහින්තලය වන්දනාව
 

2017 ජුනි මස 08 (ඊයේ) දිනට යෙදී තිබූ පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් සේවා වනිතා ඒකකය විසින් මිහින්තලය වන්දනා කිරීමේ චාරිකාවක් සංවිධානය කොට තිබුණි.

මෙම උතුම් ක්‍රියාව නාවික හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම මත නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණි. නැගෙනහිර, දකුණ සහ බටහිර නාවික විධානයන්හි රාජකාරින්හි නියතු සහ සටනේදී ආබාධිතවූ පුද්ගලයින්, මෙන්ම, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද, නාවික විවාහක නිවාසයන්හි පදිංචිව සිටින පුද්ගලයින්ද ඊට සහභාගි වූහ.

මෙම වන්දනා චාරිකාව සඳහා ඒ ඒ විධානයන් වලින් නාවික සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලුව එක් විධානයකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ සහභාගී කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණි. එම පුද්ගලයින් හට අවශ්‍ය බස් රථ සේවාව, වෛද්‍ය සහාය (අවශ්‍ය මුලික බෙහෙත් ද්‍රව්‍ය සමග) උදෑසන, දහවල් සහ රාත්‍රි ආහාරය මෙන්ම තේ පානයද සමග අනෙකුත් සියළුම පහසුකම්ද සලසා තිබුණි. එසේම මෙම වන්දනා චාරිකාවට සහභාගි වු නාවික පුද්ගලයින් සඳහා විශේෂ ධර්ම දේශණාවක් පැවැත්විමට මිහින්තලය විහාරස්ථානයේ නායක විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් කටයුතු සම්පාදනය කරන ලදි.

මෙම චාරිකාවට සම්බන්ධ වු සියළුම නාවික පුද්ගලයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාඡිකයින් විසින් නාවික හමුදාධිපති තුමන් හට සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමියට විශේෂ ප්‍රශංසාව පුද කරන ලදි.