ඇසල පුන් පොහොය නිමිති කොට ගෙන නාවික පෙර පාසල්හි ශිල ව්‍යාපාරයන් පැවැත්වේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මග‍ පෙන්විම යටතේ පසුගිය ජුලි 08 වන දිනට යෙදුණු ඇසල පුන් පොහොය දිනය නිමිති කොට ගෙන ශ්‍රීලංනානෞ ගැමුණු, දක්ෂිණ සහ තිස්ස ආයතනයන්හි පවත්වාගෙන යනු ලබන පෙරපාසල්හි දුදරුවන්ගේ සහභාගිත්වයෙන් ශිල ව්‍යාපාර වැඩසටහන් පවත්වන ලදී.

එම ශිල ව්‍යාපාරයන් මහසඟරුවනගේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර, මහ සංඝරත්නය උදෙසා පිරිකර පුජා කිරිම නාවික පෙර පාසල්හි ඉගෙනුම ලබන කුඩා දු දරුවන් විසින් සිදු කරන ලදි. මෙම පුණ්‍ය කටයුතු සාර්ථක කර ගැනිම සඳහා සේවා වනිතා ඒකකයේ සියළුම සාමාජිකාවන් සහ සෙසු නාවික පුද්ගලයින් සෘජු දායකත්වය ලබා ‍දෙන ලදි.

ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍ර පාසලේ ශිල ව්‍යාපාරය

 

 

 

 

 

ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙ‍ර පාසලේ ශිල ව්‍යාපාරය

 

 

 

 

 

ශ්‍රීලංනානෞ තිස්ස නාවික පෙ‍ර පාසලේ ශිල ව්‍යාපාරය