ඉපලෝගම රණවිරු නිවාස සංකිර්ණයේ ශිල ව්‍යාපාරයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මග‍ පෙන්විම යටතේ පසුගිය ජුලි 08 වන දිනට යෙදුණු ඇසල පුන් පොහොය දිනය නිමිති කොට ගෙන ඉපලෝගම නිවාස සංකිර්ණයේ පදිංචි නාවික රණවිරුවන් හා එම පවුල්වල සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් ශිල ව්‍යාපාර වැඩසටහනක් පවත්වන ලදී.

එම ශිල ව්‍යාපරය ඉපලෝගම නිවාස සංකිර්ණයේ පිහිටුවා ඇති බෞද්ධ මධ්‍යස්ථානයේ පවත්වන ලද අතර, ඒ සදහා ප්‍රවාහන පහසුකම්, දහවල් දානය, සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීමද ගරු සභාපතිතුමියගේ මඟපෙන්විමට යටතේ සිදු කරන ලදි.

මෙම ශිල ව්‍යාපරය සාර්ථක කර ගැනිම සඳහා සේවා වනිතා ඒකකයේ සියළුම සාමාජිකාවන් සහ සෙසු නාවික පුද්ගලයින් සෘජු දායකත්වය ලබා ‍දෙන ලදි.