ගව හලෙහි රාජකාරී නියුතු නාවිකයන් හට නව නිල ඇදුම් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත, වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ගව ගාලෙහි රාජකාරී නියුතු නාවිකයන් හට, නව නිල ඇදුමක් පරිත්‍යාග කිරීම ඊයේ (ජූලි 10) කොළඹ, නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකක කාර්යාලයේදී ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එම නිල ඇදුම් ගව හලෙහි කාර්යයන් සිදු කිරීම සඳහාම උචිත වන අයුරින් නිර්මාණය කර ඇති අතර, එමගින් ගව හලෙහි දෛනික කටයුතු පහසුවෙන් සිදු කිරීමට හැකියාව උදා වනු ඇත. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.