ඡායාරූප ප්‍රදර්ශණයේ ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ නව සංකල්පයකට අනුව එතුමියගේ මගපෙන්වීම යටතේ පසුගිය ජුනි මස 24 සහ 25 යන දෙදින පවත්වන ලද ඡායා රූප ප්‍රදර්ශණයේ සිව් වන සහ පස් වන ස්ථානයන්ට හිමි ත්‍යාග පිරිනැමීම ඊයේ (ජූලි 10) සේවා වනිතා කාර්යාලයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් සිදු කරන ලදී.

මෙම ඡායාරූප ප්‍රදර්ශණය සඳහා සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ඉදිරිපත් කර තිබුණි. ඉන් පළමු, දෙවන සහ තෙවන ස්ථානයන් හිමි කර ගත් නාවිකයන් හට ත්‍යාග පිරිනැමීම ජුනි මස 24 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.