නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය නැරඹිම සඳහා සේවා වනිතාවෝ සහය වේ.
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මඟපෙන්විම අනුව, පසුගිය ජුලි 29 වන දින සිට ඊයේ (අගෝස්තු 08) දක්වා පැවති ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය, මහනුවර ප්‍රදේශයේ පදිංචි නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට අපහසුතාවයකින් තොරව නැරඹිම සදහා අවස්ථාව උදා කර දීමට කටයුතු කරන ලදි.

10 Aug 2017

‘OFFICERS’ CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළිදැක්වේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත නාවික හමුදා නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ ඇතුළත් ‘OFFICERS CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළි දැක්වීම අද (අගෝස්තු 04) කොළඹ, ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

04 Aug 2017

සේවා වනිතාවෝ සයුරළ නෞකාවේ චාරිකාවාරයක නිරත වෙයි
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ (අගෝස්තු 2) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අධිකාරියට පත් කෙරිණි.

03 Aug 2017

දෛනික ජීවීතයට වැදගත් අවස්ථාවන් පිළිබද විශේෂ වැඩසටහනක් කොළඹදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකගේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී අද (ජූලි 03) එදිනෙදා ජීවිතයට වැදගත් අවස්ථාවන් පිළිබඳ විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

03 Aug 2017