දෛනික ජීවීතයට වැදගත් අවස්ථාවන් පිළිබද විශේෂ වැඩසටහනක් කොළඹදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකගේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී අද (අගෝස්තු 03) එදිනෙදා ජීවිතයට වැදගත් අවස්ථාවන් පිළිබඳ විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ අනුව, ඉවුම් පිහුම් කටයුතු, ඉටි මල් සැකසුම්, උත්සව අවස්ථාවන් වලදී දරුවන්ගේ මුහුණ අලංකාරවත් ලෙස පින්තාරු කරන ආකාරය මෙන්ම පළමු වරට විදේශ ගමනක් හෝ සංචාරයක් සඳහා විදෙස් ගත වන පුද්ගලයෙකුට මග පෙන්වන ආකාරය විදහා දැක්වෙන කාර්යයන් මෙම විශේෂ වැඩසටහන තුළින් පෙන්වා දෙන ලදී. මෙම වැදගත් අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් පිරිසක් ද සහභාගී වී සිටියහ.