සේවා වනිතාවෝ සයුරළ නෞකාවේ චාරිකාවාරයක නිරත වෙයි
 

ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ (අගෝස්තු 2) සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අධිකාරියට පත් කෙරිණි. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ප්‍රභූ පුද්ගලයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූ එම ඓතිහාසික අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කෙ‍රුණු, නාවික හමුදාව සතු නවීනතම සහ විශාලතම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවේ චාරිකාවාරයක නිරත වීමට ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සාමාජිකාවන් එක් විය. එහිදී නෞකාවේ තාක්ෂණික හැකියාව, මෙහෙයුම් සූදානම, අති නවීන පහසුකම්, ආරක්ෂාව, නෞකාවේ ක්‍රියාකාරීත්වය ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මනා දැනුමක් ලබා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එම ‍සුවිශේෂ අවස්ථාව සනිටුහන් කරනු වස් ගරු සභාපතිතුමිය ඇතුළු සාමාජිකාවන් නෞකාවේදී සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටියහ.