‘OFFICERS’ CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළිදැක්වේ
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත නාවික හමුදා නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණ ඇතුළත් ‘OFFICERS CHILDREN’S CLUB MAGAZINE’ සඟරාව එළි දැක්වීම අද (අගෝස්තු 04) කොළඹ, ලයිට් හවුස් ගැලි අවන්හල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.
එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය. චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සඟරාව එළි දැක්වීමේ උත්සව ආරම්භ කෙරුණු අතර, නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න විසින් එම සඟරාවේ පළමු පිටපත නාවික හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.
සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් මත ආරම්භ කෙරුණු නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ නිර්මාණශීලී හැකියාවන් අනෙකුත් පුද්ගලයන් අතර බෙදා හැරීම සහ ඔවුන්ගේ හැකියාවන් තවත් ඔප්නැංවීමේ අරමුණින් යුතුව මෙම සඟරාව නිකුත් කිරීමට කටයුතු කර ඇත.
මෙම සඟරාව එළි දැක්වීම වෙනුවෙන්, නාවික හමුදාධිපතිතුමන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විශේෂ සුභ පැතීමේ පණිවිඩයක් නිකුත් කිරීමට ද කටයුතු කර ඇත. එම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම උත්සව අවස්ථාවට සමගාමීව නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විසින් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ ක්‍රීඩා පිටියේදී සුහද පැසිපන්දු තරඟයක් පැවැත්විය. එහිදී ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීමට ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය සහභාගී විය.
සඟරාව එළි දැක්වීමේ අවස්ථාව












ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පැවති සුහද පැසිපන්දු තරඟය