නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය නැරඹිම සඳහා සේවා වනිතාවෝ සහය වේ.
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මඟපෙන්විම අනුව, පසුගිය ජුලි 29 වන දින සිට ඊයේ (අගෝස්තු 08) දක්වා පැවති ඓතිහාසික මහනුවර ඇසල පෙරහැර මංගල්‍යය, මහනුවර ප්‍රදේශයේ පදිංචි නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට අපහසුතාවයකින් තොරව නැරඹිම සදහා අවස්ථාව උදා කර දීමට කටයුතු කරන ලදි.
සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් පරිදි සියළු කාර්යයන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කළ අතර, පෙරහැර නැරඹිම සඳහා පැමිණි පුද්ගලයින් හට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, සනිපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් සේවා වනිතා ඒකකය මගින් සලසා දීමට කටයුතු කරන ලදි.
තවද, මෙම අවස්ථාවට සමගාමීව නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් හට පෙරහැර නරඹන අතරතුර කෙටි ආහාර ඇතුලත් පර්සලයක් සහ රාත්‍රි ආහාර වේලක්ද ලබා දීමට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය කටයුතු කර තිබුණි.





