සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය නාවික පෙර පාසල් වල නිරීක්ෂණ චාරිකාවක
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණිය පසුගිය දින කිහිපය තුළ නැගෙනහිර, බටහිර සහ දකුණු යන නාවික විධානයන්හි නාවික පෙර පාසල් වල නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.
පළමුව, නාවික තඨාකංගනයේ පිහිටි තිස්ස පෙර පාසලේ චාරිකාවාරක නිරත වූ අතර, පෙර පාසල් දරු දැරියන් විසින් ඇය හරසරින් පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ද එක් විය. කුඩා දරු දැරියන්ගේ සුව දුක් විමසමින් ඔවුන් සමග විවිධ ක්‍රියාකාරම් වල නිරත වීමට සින්නයියා මැතිණිය කටයුතු කළ අතර, එම සංචාරය සනිටුහන් කරනු වස් එතුමිය විසින් පැලයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව එතුමිය සේවා වනිතා සුභසාධක වෙළඳසැලේ නිරීක්ෂණ චාරිකාවාරයක ද නිරත වූවාය.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයට අනුයුක්තව රාජකාරී නියුතු නාවික පුද්ගලයින් පිරිසක් ද සහභාගී වී සිටියහ.
වැලිසර පිහිටි නාවික පෙර පාසලේ සංචාරයක නිරත වූ එතුමිය, එම පාසලේ දරු දැරියන් විසින් මල් කළඹක් දී උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එතුමිය, එහි ඉගනුම ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළාය. සභාපතිතුමිය ඉන් අනතුරුව සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය නිරීක්ෂණය කළ ඇය වැලිසර නාවික හමුදා සුභ සාධක වෙළඳසැල වෙත ගොස් එහි කටයුතු පිළිබඳව සොයා බලන ලදී. එහි රාජකාරී නියුතු නාවික පුද්ගලයන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව එම චාරිකාවාරය නිමාවට පත් කෙරිණි.
දකුණු නාවික විධානයේ සිදු කළ සංචාරයේදී සින්නයියා මැතිණිය ගාල්ල, දක්ෂිණ නාවික පෙර පාසැල නිරීක්ෂණය කළාය. එහිදී එම දරුවන් විසින් සින්නයියා මැතිණිය වෙත ඔවුන්ගේ අලංකාර අත්කම් නිර්මාණයක් සමරු තිළිණයක් ලෙස ප්‍රදානය කෙරිණි. ඉන් අනතුරුව ඇය විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තැබීය.
එම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහ සේවා වනිතා ඒකකයේ නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ. නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිතුමියගේ පැමිණීම සනිටුහන් කරමින් දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් විශේෂ සමරු තිළිණයක් ඇය වෙත ප්‍රදානය කරන ලදී.
සියළුම නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් හට ඉතා උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම පිළිබඳව එම පෙර පාසල්හි සියළුම ගුරු භවතුන් වෙත සිය ස්තුතිය පිරිනැමීමට සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය කටයුතු කරන ලදී.
සේවා වනිතා සභාපතිතුමියගේ තිස්ස පෙර පාසලේ නිරීක්ෂණ චාරිකාව ![]() ![]() ![]() ![]() ![]() ![]() |
දක්ෂිණ ආයතනයේ පෙර පාසලේ නිරීක්ෂණ චාරිකාව ![]() ![]() ![]() ![]() ![]() ![]() |
වැලිසර ගැමුණු ආයතනයේ පෙර පාසලේ නිරීක්ෂණ චාරිකාව ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |