නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම ඊයේ (සැප්තැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, තිරුනි සින්නයියා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගරු සභාපතිතුමිය විසින් පැමිණ සිටි සියළුම සමාජිකාවන් පිළිගනිමින් සිදු කරන ලද හරවත් දේශණයෙන් අනතුරුව රැස්විමේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

එම රැස්වීමේදී විශේෂිත වූ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් ක්‍රියාකාරී කමිටු සඳහා නව සාමාජිකාවන් පත් කිරීම ද එහිදී සිදු කරන ලදී. ඉන් අනතුරුව සේවා වනිතා ඒකකය මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් පැමිණ සිටි සියළු දෙනා සුහද කථාබහක නිරත විය. ඒ අතරින්, නාවික පවුල්වල සාමාජිකයින් සඳහා මනෝ උපදේශණ වැඩ සටහන් පැවැත්විම, නාවික පෙර පාසල් සඳහා නව ගුරුවරියන් බඳවා ගැනිම, ග්‍රාමිය රෝහල් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දිම, රෝහල්වල අසරණව සිටින රෝගීන් සඳහා උපකාර කිරීම, සේවා වනිතා වෙළදසැල් හි නාවික නිල ඇදුම් අංශයක් ආරම්භ කිරිම වැනි සුභසාධක කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සියළුම විධානයන් නියෝජනය කරමින් නාවික හමුදා නිලධාරිනියන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි වි සිටියහ.