සේවා වනිතා විධායක කමිටු රැස්වීම කොළඹ දී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු රැස්වීම ඊයේ (ඔක්තෝබර් 24) සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිනියගේ ප්ර්ධානත්වයෙන් කොළඹ, නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී පැවැත්විණි.
25 Oct 2017
ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නවීකරණයෙන් පසුව විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි තිරුනි සින්නයියා මැතිනියගේ සංකල්පයකට හා මඟපෙන්වීම මත ආරම්භ කරන ලද රූපලාවන්‍ය පුහුණු වැඩමුළුවට සමගාමීව, සේවා ලාභීන් හට උසස් තත්ත්වයේ රූපලාවන්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින්, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නව උපකරණ වලින් යුක්තව නවීකරණයෙන් පසුව අද (ඔක්තෝබර් 23) ගරු සභාපතිතුමියගේ සුරතින් විවෘත කෙරිණි.
23 Oct 2017
සේවා වනිතාවෝ ත්‍රිකුණාමලයේදී මනෝ සමාජීය වැඩසටහනක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ සංකල්පයකට සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ඔක්තෝබර් 12) ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පිහිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරය්දී මනෝ සමාජීය දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
13 Oct 2017
රූපලාවන්‍ය ශිල්පය හදාරන කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකය යටතේ පවතින රූපලාවන්‍යාගාරයන් වලට අනුයුක්ත කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් ඊයේ (ඔක්තෝබර් 02) පැවැත්විණි. මෙම වැඩමුළුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුණි සින්නයියා මැතිණියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කොට තිබිණි.
03 Oct 2017
නාවික පෙර පාසල් දරු දැරියන් ලෝක ළමා දිනය සමරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිණියගේ මගපෙන්වීම යටතේ, ඔක්තෝබර් මස 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය නිමිති කර ගනිමින් නාවික පෙර පාසල්හි ඉගනුම ලබන දරු දැරියන් සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
02 Oct 2017