රූපලාවන්‍ය ශිල්පය හදාරන කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක්
 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවා වනිතා ඒකකය යටතේ පවතින රූපලාවන්‍යාගාරයන් වලට අනුයුක්ත කාන්තා නාවිකයන් සඳහා විශේෂ පුහුණු වැඩමුළුවක් ඊයේ (ඔක්තෝබර් 02) පැවැත්විණි. මෙම වැඩමුළුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුණි සින්නයියා මැතිණියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කොට තිබිණි.

වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු සේවා වනිතා රූපලාවන්‍යාගාරයේ පැවති එම විශේෂ පුහුණු වැඩමුළුව, දිවයි‍නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියන් වන ශිරෝමණී සිගේරා සහ නිමාලි ෆර්ඩිනැන්ඩස් යන මහත්මීන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා රූපලාවණ්‍ය හදරනු ලබන කාන්තා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටි අතර, එමගින් ඉතා වැදගත් ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම් සම්භාරයක් අත්පත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත.