ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නවීකරණයෙන් පසුව විවෘත කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි තිරුනි සින්නයියා මැතිනියගේ සංකල්පයකට හා මඟපෙන්වීම මත ආරම්භ කරන ලද රූපලාවන්‍ය පුහුණු වැඩමුළුවට සමගාමීව, සේවා ලාභීන් හට උසස් තත්ත්වයේ රූපලාවන්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින්, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ රූපලාවන්‍යාගාරය නව උපකරණ වලින් යුක්තව නවීකරණයෙන් පසුව අද (ඔක්තෝබර් 23) ගරු සභාපතිතුමියගේ සුරතින් විවෘත කෙරිණි.

23 Oct 2017