සේවා වනිතා විධායක කමිටු රැස්වීම කොළඹ දී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු රැස්වීම ඊයේ (ඔක්තෝබර් 24) සේවා වනිතා ඒකකයේ සභාපතිනි, තිරුනි සින්නයියා මැතිනිය‍ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී පැවැත්විණි.

එම කමිටු රැස්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්, කාන්තා නිලධාරිනියන්, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් මෙන්ම කාන්තා නාවිකයන් ද සහභාගී විය. එහිදී, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සේවා වනිතා ඒකකයට අදාල වැඩසටහන් පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදී.