සේවා වනිතා සභාපතිතුමිය වැඩ භාර ගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද සන්ධ්‍යා රණසිංහ මැතිනිය අද (නොවැම්බර් 05) සිය ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී. අද දිනට යෙදී තිබූ සුභ මොහොතින් නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී එතුමිය සිය වැඩ කටයුතු මෙලෙස නිල වශයෙන් ආරම්භ කෙරිණි.

සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සිදු කිරීමෙන් පැවති මෙම උත්සවය සඳහා සේවා වනිතා ඒකකයේ ලේකම් තුමා, ඇතුළු සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ නිලධාරිනියන් මෙන්ම කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.