සේවා වනිතාවෝ නව සභාපතිතුමිය පිළිගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද සන්ධ්‍යා රණසිංහ මැතිනිය පිළිගැනීමේ උත්සවය අද (නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

මල් කළඹක් පිරිනමමින් එතුමිය එම උත්සව අවස්ථාව සඳහා පිළිගත් අතර, චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව පිළිගැනීමේ උත්සව අවස්ථාව ආරම්භ කෙරිණි. එම අවස්ථාව නාවික නර්ථන ශිල්පිනියන්ගේ නර්ථන අංගයන්ගෙන් ද වර්ණවත් විය. ඉන් අනතුරුව සන්ධ්‍යා රණසිංහ මහත්මිය විසින් උත්සව අවස්ථාව අමතන ලදී. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගේ බිරින්දෑවරුන්, කාන්තා නිලධාරියන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.