සේවා වනිතා නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

මෙවර නත්තල් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා‍ වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද නත්තල් බැති ගී (Christmas Carol) ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 21 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය සහභාගී විය. එම ප්‍රසංගය දරු දැරියන්ගේ මෙන්ම නාවික හමුදා වාදක අංශයේ නාවිකයන්ගේ ගායන වාදන සහ ඉදිරිපත් කිරී‍ම් වලින් වර්ණවත් වූ අතර, එම උත්සවය සාර්ථක අයුරින් පැවැත්වීම, සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සහ පැමිණ සිටි සියළු දෙනාගේම පැසසුමට ලක් විය. ඔවුන්ගේ එම කර්තව්‍ය අගය කරනු වස් නත්තල් බැති ගී ප්‍රසංගය සඳහා දායකත්වය ලබා දුන් දරු දැරියන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරිනියන් සහ කාන්තා නාවිකයන් හට සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සහ ආරාධිත අමුත්තන් අතින් ත්‍යාග ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන්, නාවිකයන් ඇතුළු විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.