නාවික පෙර පාසල් සඳහා 2018 වර්ෂයට නව දරු දැරියන් බඳවා ගැනේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙ‍ර පාසල් සඳහා 2018 වර්ෂය සඳහා නව දරු දැරියන් බඳවා ගැනීම පසුගිය ජනවාරි මස 10 වන දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

ඒ අනුව, වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස සහ ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ යන නාවික පෙර පාසල් සඳහා නවක දරු දැරියන් බඳවා ගන්නා ලදී. නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එක් එක් නාවික විධානයන් භාර ආඥාපතිවරුන්ගේ බිරින්දෑවරුන් විසින් එම කර්තව්‍යයන් මෙ‍හෙය වන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසල

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස නාවික පෙර පාසල

 

 

 

 

 

ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ නාවික පෙර පාසල