සේවා වනිතා ඒකකය මඟින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින්  ඊයේ (ජනවාරි 11) නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සඳහා කොළඹ, නාවික මහ රෝහල් සංකීර්ණයේදී විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

නාවික පුද්ගලයින්ගේ කායික මෙන්ම මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම සහ වර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ වූ අතර, විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ වෛද්‍ය සායනය සඳහා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවික නිලධාරීන් මෙන්ම ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

එහිදී ඔවුන්ගේ කායික, මානසික ගැටළු උදෙසා නොමිලේ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව ලැබිණි. මෙම මහඟු කර්තව්‍ය සිදු කිරීම සම්බන්ධයෙන් එයට සහභාගී වූ සියළු දෙනා විසින් සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ප්‍රධාන සමස්ථ සේවා වනිතා ඒකකයට හෘදයංගම ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.