2018 ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබේ
 

තලාතුඔය, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අභිනව සේවා වනිතා සුභසාධක වෙළඳසැළ සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ අතින් පසුගිය පෙබරවාරි මස 23 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

බෞද්ධාගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව එළඹි සුභ මොහොතින් සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබූ අතර, එම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.