සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන රසාංජලී ඒකනායක, නයනා ද සිල්වා සහ නෙළුම් සේනානායක යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 26 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.

ගරු සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් එම සාමාජිකාවන් උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ගරු සාමාජිකාවන් හට සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදි ගරු සභාපතිනිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය, තමරා රොසයිරෝ මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.