සේවා වනිතාවෝ ලෝක කාන්තා දිනය සමරයි
 

පසුගිය මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත පැවති එම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

මෙහිදී නාවික හමුදාධිපතිතුමන් සහ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් සටනේදී ආබාධයට ලක් වූ නාවික රණවිරුවන් උදෙසා රෝද පු‍ටු සහ අත්වාරු ප්‍රදානය කිරීම හා ණය ලාභීන් සඳහා ප්‍රේශණපත් පිරිනැමීම ද සිදු කෙරිණි. එමෙන්ම, ධනාත්මක චින්තනය හා පෞර්ෂය සංවර්ධන උපදේශිකා අමා දිසානායක මහත්මිය විසින් හරවත් දේශණයක් පැවැත්වීමට ද කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ‍සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.