සේවා වනි‍තාවෝ ‍වෙසක් දිනය සැදැහැ සිතින් සමරයි
 

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2562 ක් ගතවන මෙම වසරේ වෙසක් ‍උළෙලට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පසුගිය අප්‍රේල් 29 වන දින සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද සව් පැන් දන්සල එදින පස්වරුවේ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ අතින් විවෘත කරන ලදි.

‘කොලොම්තොට’ වෙසක් කලාපයේ සිරි නැරඹීම සඳහා පැමිණෙන නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් හා අනෙකුත් පුද්ගලයින් වෙනුවෙන් මෙම උතුම් පුණ්‍ය කටයුත්ත නාවික හමුදා සේවා වනි‍තා ඒකකය විසින් සංවිධානය කොට තිබුණි. මෙම සව් පැන් දන්සල මඟින් පිරිනමන ලද සව් පානය කිරීම සඳහා නාවික හා සිවිල් වැසියන් විශාල පිරිසක් එක් වූ අතර, මෙවැනි දන්සලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පැමිණි සිටි සියළුදෙනා සේවා වනිතා ඒකකය වෙත ප්‍රශංසා කරන ලදී.

ශ්‍රී ලංනානෞ පරාක්‍රම ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැල අසල පැවති මෙම උතුම් පුන්‍ය කටයුත්ත සඳහා නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරින් ද සහභාගී වී සිටියහ.