නාවික හමුදා ආබාධිත රණවිරුවන් දෙදෙනෙකුට සේවා වනිතා ඒකකයෙන් අත්වැලක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සංකල්පයක් මත යුද්ධයෙන් ආබාධිත නාවික හමුදා රණවිරුවන් දෙදෙනෙකුට අත්වැලක් වෙමින් රෝද පුටුවක් සහ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ඊයේ (මැයි 08) කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේදී සිදු කෙරිණි.

ඒ අනුව, අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරි ලලීන්ද්‍ර බ්‍රාහ්මණ මහතා සහ අලෙවි කළමණාකරු සමිත චතුරංග මහතාගේ අනුග්‍රහය යටතේ යුද්ධයෙන් ආබාධිත වූ සුළු නිලධාරි (විශ්‍රාමික) නාමල් කුමාර නාවිකයාගේ දියණියගේ අධ්‍යාපනයට අත්වැලක් වෙමින් ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ අනුග්‍රහය යටතේ යුද්ධයෙන් ආබාධිත වූ නායක සෙබළ (විශ්‍රාමික) රුවන් ෆොන්සේකා නාවිකයා හට රෝද පුටවක් ප්‍රදානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය, තමරා රොසයිරෝ මහත්මිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරින් පිරිසක් ද සහභාගීවි සිටියහ.