ශ්‍රීලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ විවෘත කෙරේ
 

නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුභසාධනය අපේක්‍ෂාවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මගපෙන්වීම මත නවීන ක්‍රමවේදයන්ට අනුව අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙළඳසැළ පසුගිය මැයි 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් විවෘත කරන ලදී.

එම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මිය, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා, නාවික හමුදා ‍ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ගරු සමාජිකාවන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී වී සිටියහ.