සේවා වනිතා හිටපු උප සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද හිටපු උප සභාපතිනිය වන තමරා රොසයිරෝ මහත්මිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුලි 12 වන දින උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලාව පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
ගරු සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් හිටපු උප සභාපතිනිය උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එතුමිය හට සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදි ගරු සභාපතිනිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ වර්තාමාන උප සභාපතිනි, අරුන්දති ජයනෙත්ති මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.












