සේවා වනිතාවෝ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරති
පසුගිය ඔක්තෝබර් 01 වන දිනට යෙදී තිබූ ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය ඇතුළු පිරිස කලුබෝවිල, ග්‍රේස් පෙරේරා වැඩිහිටි නිවාසයේ නේවාසිකව රැදි සිටින දරුවන් ඇතුළු වැඩිහිටියන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය. අනතුරුව ඔවුන් සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත තේපැන් සංග්‍රහයක් පිරිනැමීමටද සේවා වනිතාවෝ කටයුතු කරන ලද අතර, එම දරුවන් සහ වැඩිහිටියන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද එහිදී සිදු කෙරුණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, අරුන්දති ජයන්ති මහත්මිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ ලේකම්, නාවික හමුදා නිලධාරීන් මෙන්ම නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ උපදෙස් මත නාවික පෙර පාසල් තුළද ලෝක ළමා දිනය සැමරිමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’, ‘දක්‍ෂිණ’ සහ ‘ගැමුණු’ ආයතන තුළ ස්ථාපිත කර ඇති නාවික හමුදා පෙර පාසල් තුළ දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී දරුවන්ගේ නර්තන හැකියාවන් සහ ගායන හැකියාවන් ප්‍රදර්ශණය කිරීමට අවස්ථාවක් හිමිවූ අතර, මෙහිදි දරුවන් විසින් ඉදිරිපත් කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය කැපී පෙනුණි. තවද, මෙම වැඩසටහන් වලට සමගාමිව සහභාගී වූ සියළුම දරුවන් හට ත්‍යාග පිරිනැමිම ද සිදු කෙරුණි.
කලුබෝවිල, ග්‍රේස් පෙරේරා වැඩිහිටි නිවාසයේ පැවති වැඩසටහන
ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා ‘තිස්ස’ පෙර පාසලේ පැවති වැඩසටහන
ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්‍ෂිණ’ පෙර පාසලේ පැවති වැඩසටහන
වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගැමුණු’ පෙර පාසලේ පැවති වැඩසටහන