සේවා වනිතා ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරන නාවික හමුදා ආයතනයන්හි සංවත්සර දිනය සැමරිමට සේවා වනිතා ඒකකයෙන් අත්වැලක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මඟින් නාවික හමුදා පුද්ගලයින් හට ලබා දෙනු ලබන සුභසාධක කටයුතු වඩාත් පුළුල් කිරීමේ අරමුණින් සේවා වනිතා ව්‍යාපෘතින් ක්‍රියාත්මක වන ආයතනයන්හි නෞකා දිනයට සමගාමිව පවත්වනු ලබන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් 25,000.00 ක මුදල් පරිත්‍යාගයක් කිරීමට සැලසුම් කරන ලදි.

28 Nov 2018

සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන දිල්රුක්‍ෂි සුමනසේකර සහ මාලනී කුලරත්න යන සාමාජිකාවන් හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 06) බටහිර නාවික විධාන මුලස්ථානයේදී පවත්වන ලදී.

07 Nov 2018