සේවා වනිතා නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

මෙවර නත්තල් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා‍ වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද නත්තල් බැති ගී (Christmas Carol) ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 19 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

21 Dec 2018

සේවා වනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකා දිස්නා විමලතුංග මහත්මිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවක් වන දිස්නා විමලතුංග මහත්මිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 14 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.

17 Dec 2018

සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල පුනෑව නාවික කඳවුරේ විවෘත කෙරේ
 

පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් පසුගිය දෙසැම්බර් 02 වන දින විවෘත කෙරිණි.

08 Dec 2018

ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස නාවික පෙර පාසලෙහි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සාර්ථකව නිමාවේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය නොවැම්බර් 28 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්විම යටතේ නැගෙනහිර නාවික විධාන භාර ආඥාපතිතුමන් හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Dec 2018

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සාර්ථකව නිමාවේ.
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය නොවැම්බර් 26 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්විම යටතේ බටහිර නාවික විධාන භාර ආඥාපතිතුමන් හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

08 Dec 2018

ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ 2018 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය නොවැම්බර් 27 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්විම යටතේ දකුණු නාවික විධාන භාර ආඥාපතිතුමන් හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

08 Dec 2018