සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල පුනෑව නාවික කඳවුරේ විවෘත කෙරේ
 

පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් පසුගිය දෙසැම්බර් 02 වන දින විවෘත කෙරිණි. ඒ අනුව නාවික පුද්ගලයින්ගේ හා ඔහුන්ගේ පවුල්වල සාමාජිකයින්‍ වෙත ප්‍රථිලාභ හිමිවනු ඇත.

තවද, එම අවස්ථාව සනිටුහන් කරනු වස් ගරු සභාපතිනිය විසින් එම පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා උතුරු මැද ප්‍රදේශභාර ආඥාපති, රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයට  සහ උතුරු මැද විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සේවා වනිතා ඒකකයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.