සේවා වනිතා ජ්‍යේෂ්ඨ සාමාජිකා දිස්නා විමලතුංග මහත්මිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවක් වන දිස්නා විමලතුංග මහත්මිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය‍ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 14 වන දින නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.

ගරු සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් එම සාමාජිකාව උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ගරු සාමාජිකාව හට සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදී ගරු සභාපතිනිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය, අරුන්දති ජයනෙත්ති මැතිණිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් ඇතුළු නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.