සේවා වනිතා නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
මෙවර නත්තල් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද නත්තල් බැති ගී (Christmas Carol) ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 19 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් දේශමාන්‍ය ඩීබී ගුණසේකර මහතා සහ ක්ලාරා ගුණසේකර මැතිණිය සහභාගී විය. එම ප්‍රසංගය සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, දරු දැරියන්, නාවික හමුදා ගායන ශිල්පීන් සහ නාවික හමුදා වාදක අංශයේ නාවිකයන්ගේ ගායන වාදන සහ ඉදිරිපත් කිරීම් වලින් වර්ණවත් වූ අතර, එම උත්සවය සාර්ථක අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණ සිටි සියළු දෙනාගේම පැසසුමට ලක් විය. ඔවුන්ගේ එම කර්තව්‍ය අගය කරනු වස් නත්තල් බැති ගී ප්‍රසංගය සඳහා දායකත්වය ලබා දුන් සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, දරු දැරියන්, නාවික හමුදා ගායන ශිල්පීන් සහ නාවික හමුදා වාදක අංශයේ නාවිකයන් හට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් ත්‍යාග වවුචර්පත් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මැතිණිය, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් සහ සාමාජික සාමාජිකාවන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් වරුන් ඇතුළු බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් දේශමාන්‍ය ඩීබී ගුණසේකර මහතා සහ ක්ලාරා ගුණසේකර මැතිණය හට සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සහ නාවික හමුදාධිපතිතුමාගේ සුරතින් සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණි.