සේවා වනිතාවෝ නව සභාපතිතුමිය පිළිගනිති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය පිළිගැනීමේ උත්සවය ඊයේ (ජනවාරි 04) නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

05 Jan 2019

සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වැඩ භාර ගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද පැමිණි ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිනිය පසුගිය ජනවාරි 01 වන දින සිය ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී.

03 Jan 2019

සේවා වනිතා ඒක‍කයේ සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා වසරකට වැඩි කාල සීමාවක් සේවා වනිතා ඒකකය සමඟ රැදෙමින් සිය වෘත්තිය දිවියද කැප කරමින් රාජකාරි සිදු කරනු ලැබූ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය පසුගිය ජනවාරි 01 වන දින එම කාර්යයන්ගෙන් සමුගන්නා ලද අතර, ඒ වෙනුවෙන් ගරු සභාපතිනිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 31 වන දින උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

03 Jan 2019