සේවා වනිතා ඒක‍කයේ සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
 

සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා වසරකට වැඩි කාල සීමාවක් සේවා වනිතා ඒකකය සමඟ රැදෙමින් සිය වෘත්තිය දිවියද කැප කරමින් රාජකාරි සිදු කරනු ලැබූ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය පසුගිය ජනවාරි 01 වන දින එම කාර්යයන්ගෙන් සමුගන්නා ලද අතර, ඒ වෙනුවෙන් ගරු සභාපතිනිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 31 වන දින උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

උප සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් ගරු සභාපතිතුමිය උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ගරු සභාපතිතුමිය හට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් මෙන්ම නාවික හමුදා කාන්තා නිලධාරිනියන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදි ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය සිදු කළ සේවය අගයමින් සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණි. එමෙන්ම, සේවා වනිතා ඒකකයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ද ගරු සභාපතිනිය වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමක් සිදු කරන ලදී. තවද, එම උත්සව අවස්ථාව නාවික හමුදා තුර්ය වාදක කණ්ඩායමේ සහ සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන වාදන මෙන්ම නර්ථන අංගයන්ගෙන් ද වර්ණවත් විය.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා කාන්තා නිලධාරිනියන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.