සේවා වනිතා ඒකකයේ නව සභාපතිතුමිය වැඩ භාර ගනී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද පැමිණි ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිනිය පසුගිය ජනවාරි 01 වන දින සිය ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් භාර ගන්නා ලදී. එදිනට යෙදී තිබූ සුභ මොහොතින් නාවික හමුදා මූලස්ථාන සේවා වනිතා කාර්යාලයේදී එතුමිය සිය වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි.

සම්ප්‍රදායානුකූල චාරිත්‍ර සිදු කිරීමෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.