සේවා වනිතාවෝ නව සභාපතිතුමිය පිළිගනිති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය පිළිගැනීමේ උත්සවය ඊයේ (ජනවාරි 04) නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, චම්පි රණසිංහ මැතිණිය විසින් මල් කළඹක් පිරිනමමින් එතුමිය එම උත්සව අවස්ථාව සඳහා පිළිගත් අතර, මඟුල් බෙර හා වෙස් නැටුම් මධ්‍යයේ සභාපතිතුමිය නිලධාරි නිවස්නය වෙත කැඳවාගෙන යන ලදී. අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව පිළිගැනීමේ උත්සව අවස්ථාව ආරම්භ කෙරිණි.

එම අවස්ථාව නාවික හමුදා සංස්කෘතික නර්ථන ශිල්පීන්ගේ නර්ථන අංගයන්ගෙන් ද වර්ණවත් වූ අතර, උත්සවයේ සතුට සැමරිම වස් ගරු සභාපතිතුමිය ඇතුළු සේවා වනිතා සාමාජිකාවන් විසින් කේක් කැපීමට ද එක්වීය. ඉන් අනතුරුව අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය විසින් උත්සව අවස්ථාව අමතන ලදී. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන්, ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.