සේවා වනිතාවෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පරිත්‍යාග කරයි
 

සේවා වනිතාවන්ගේ තවත් එක් ප්‍රජාසත්කාරයක් ලෙස පසුගිය ජනවාරි 24 වන දින නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සේවා වනිතා කාර්යාලයේදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවිකයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පිරිනැමීමට කටයුතු කරන ලදී.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ මඟපෙන්විම යටතේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලත් පාලක ප්‍රධාන සුළු නිලධාරී ඊඩබ්එස් ජයතිලක යන ජ්‍යේෂ්ඨ නාවිකයාගේ විශේෂ අවශ්‍යතා ඇති ඊඩබ්එස් දෙනුවන් ජයතිලක දරුවා හට සේවා වනිතා ඒකකයේ මුල්‍යාධාර යටතේ රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, උප සභාපතිනිය, විධායක කමිටු සාමාජිකාවන්, සේවා වනිතා ඒකකයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.