සේවා වනිතා සාමාජිකාවන් වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ කාර්යයන්ගෙන් සමුගන්නා ලද ජ්‍යෙෂ්ඨ සේවා වනිතා සාමාජිකාවන් වන දුෂ්යන්ති දිසානායක මැතිණිය හා මාධවී මාරසිංහ මැතිණිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (පෙබරවාරි 26) නාවික හමුදා මුලස්ථානයේදී පවත්වන ලදී.

ගරු සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් එම සාමාජිකාවන් උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හට සභාපතිතුමිය, උපසභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදි ගරු සභාපතිනිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි. මෙම උත්සව අවස්ථාව නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සහ නාවික හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායමේ ගායන, වාදන හා නර්ථන අංගයන්ගෙන් වර්ණවත්වූ අතර, එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, චම්පි රණසිංහ මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන් සහ කාන්තා නිලධාරීණියන් පිරිසක් ද සහභාගී වූ අතර, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගී වන ලදි.