ශ්‍රිලංනානෞ දක්‍ෂිණ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ පුර්ණ මගපෙන්විම යටතේ දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ දක්‍ෂිණ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය පෙබරවාරි 27 වන දින ශ්‍රිලංනානෞ නිපුණ ආයතනයේ ප්‍රධාන ක්‍රිඩා පිටියේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කරන ලදි.

මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දකුණු නාවික ප්‍රදේශභාර ආඥාපතිතුමන්ගේ මැතිණිය චාන්දනි සමරවිර මැතිණිය සහභාගි වු අතර, දකුණු නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපතිතුමන්, පෙර පාසල භාර අධීක්‍ෂණ නිලධාරි, ශ්‍රිලංනානෞ දක්ෂිණ ආයතනයේ අණදෙන නිලධාරිතුමන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි වී සිටියහ.

ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව, ආරම්භ වු ක්‍රීඩා උත්සවය සඳහා ජවන හා පිටිය තරඟ සහ කණ්ඩායම් තරඟ රැසක් ඇතුලත් වූ අතර, දු දරුවන්ගේ සරඹ සංදර්ශනයකින් එම අවස්ථාව වර්ණවත් විය. දු දරුවන්ගේ කුසලතා අගයනු වස් ඔවුන් හට සහතික පත්‍ර පිරිනැමිම පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.