ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ පුර්ණ මගපෙන්විම යටතේ බටහිර නාවික විධානය භාර ආඥාපතිතුමාගේ හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සංවිධානය කරන ලද ශ්‍රිලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය මාර්තු මස 15 වන දින ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ ක්‍රිකට් ක්‍රිඩා පිටියේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු කරන ලදි.

මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය සහභාගි වු අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා සහ එම මැතිණිය, ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරිතුමන්, දෙපාර්තමේන්තු ප්‍රධානින්, සේවා වනිතා ඒකකයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, පෙර පාසල භාර අධීක්‍ෂණ නිලධාරි, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් ද සහභාගි වී සිටියහ.

ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව, ආරම්භ වු ක්‍රීඩා උත්සවය සඳහා ජවන හා පිටිය තරඟ සහ කණ්ඩායම් තරඟ රැසක් ඇතුලත් වූ අතර, දු දරුවන්ගේ සරඹ සංදර්ශනයකින් එම අවස්ථාව වර්ණවත් විය. දු දරුවන්ගේ කුසලතා අගයනු වස් ඔවුන් හට සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමිම පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.