සේවා වනිතා ඒකකයෙන් තවත් ප්‍රජාසත්කාරක වැඩසටහනක්

සේවා වනිතාවන්ගේ තවත් එක් ප්‍රජාසත්කාරයක් ලෙස අද (මාර්තු 28) නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සේවා වනිතා කාර්යාලයේදී නාවික හමුදා සේවයේ නියුතු නාවිකයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පිරිනැමීමට කටයුතු කරන ලදී.

ඒ අනුව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ මඟපෙන්විම මත සේවා වනිතා ඒකකයේ මුල්‍යාධාර යටතේ නාවික හමුදා සේවයෙන් නියුතු නායක නැවි ආර්ඩිඩිපී විජේදාස නාවිකයාගේ විශේෂ අවශ්‍යතා ඇති දරුවා හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් මන්නාරම, වැලිපර හතරෙහි පවත්වාගෙන යනු ලබන රේඩාර් මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවික පුද්ගලයින්ගේ ප්‍රයෝජනය සඳහා වර්ණ රූපවාහීනියක් පරිත්‍යාග කිරීම ද මෙහිදි සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය, උප සභාපතිනිය, විධායක කමිටු සාමාජිකාවන්, නාවික හමුදාධිපතිගේ නාවික සහයක, කොමදෝරු ධම්මික කුමාර, සේවා වනිතා ඒකකයේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගි වී සිටියහ.