සේවා වනිතා හිටපු උප සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්

සේවා වනිතා ඒකකයේ අභිවෘද්ධිය, සාර්ථකත්වය හා සංවර්ධනය උදෙසා සිය වෘත්තිය දිවියද කැප කරමින් රාජකාරි කටයුතු වල නිරත වූ සේවා වනිතා ඒකකයේ හිටපු උප සභාපතිතුමිය වන චම්පි රණසිංහ මැතිණිය හට සමුදීමේ වැඩසටහනක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 11 වන දින උස්වැටකෙයියාව මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.

ගරු සභාපතිනිය විසින් මල් කළඹක් පිරිනමමින් හිටපු උප සභාපතිනිය උත්සව අවස්ථාව සඳහා පිළිගන්නා ලදී. ඉන් අනතුරුව එතුමිය හට සභාපතිතුමිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් සිය ශුභාසිංශන එක් කළ අතර, එහිදි ගරු සභාපතිනිය විසින් සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි.

එම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ වර්තාමාන උප සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරිනියන් හා සේවා වනිතා ඒකකයේ ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.